Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 3:7 - Sinhala Revised Old Version

7 තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 3:7
20 හුවමාරු යොමු  

එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.


ඔහු තීර් සහ සීදොන් වැසියන්ට ඉතා කෝපව සිටියේය. ඔව්හු තමුන්ගේ රට රජුගේ රටෙන් පෝෂණයකරනු ලැබූ බැවින්, එක්සිත්ව ඔහු ළඟට ඇවිත්, රජුගේ ගෙයි ඇමතියා වන බ්ලාස්තුස් මිත්‍රකරගෙන, සමාදානය ඉල්ලුවෝය.


දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය.


එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.


යූදාවරුද ඉශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෝද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.


ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.


තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.


තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.


ඔව්හු හත්වෙනි මාසයේ පළමුවෙනිදා පටන් ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකරන්ට පටන්ගත්තෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම ඒ වනතෙක් නොදමනලද්දේය.


තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණ ඒ මුදල් ගණන්කරමින් මිටි බැන්දෝය.


එහෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා,


ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමටත් අලුත්වැඩියාකිරීමටත් ගෘහයේ වැඩේකරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩකිරීමට පත්වී සිටිය තැනැත්තන් අතට ඒවා දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්