Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:38 - Sinhala Revised Old Version

38 ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ “පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 යොප්පා, ලිද්දාවට නුදුරු බැවින් පේතෘස් ලිද්දාවේ සිටින බව ඇසූ යොප්පාවේ ගෝලයෝ, “කරුණාකර හනික අප වෙත එන්නැ” යි ඉල්ලමින් දෙදෙනකු අත ඔහුට පණිවුඩ යැවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ “පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:38
15 හුවමාරු යොමු  

දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය.


ඔහු සම්බව, අන්තියෝකියට කැඳවාගන ආවේය. තවද ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.


තවද පේතෘස් සියලු පළාත්වල ගමන්කරන්නේ, ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතටද ආවේය.


මේ-යර්කොන්ද යොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළුව රක්කොන්ද යන මේවාය.


අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.


තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.


ඔහු නැගිට බව්තීස්ම කරනු ලැබ, කෑම කා ශක්තිමත්විය. ඔහු දමස්කයෙහි වූ ගෝලයන් සමඟ කීප දවසක් සිටියේය.


එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.


තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.


ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න.


ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය.


මම යොප්පා නුවර යාච්ඤාකරමින් සිටි කල මූර්ඡාවූයෙම්, සතර කොනෙන් අහසෙන් බස්වනලද මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් බැස එනවා දර්ශනයෙන් දුටිමි; ඒක මා ළඟටම පැමිණියේය.


එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්