නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.
ක්‍රියා 7:35 - Sinhala Revised Old Version නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක් කොට පත්කරනලද්දේ කවරෙකු විසින්ද කියා ඔවුන් එපාකළාවූ මෙම මෝසෙස් ප්‍රධානියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස, දෙවියන්වහන්සේ පඳුරේදී ඔහුට පෙනුණු දූතයාගේ හස්තය ඇතුව යැවූසේක. Sinhala New Revised Version “අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය. සිංහල කාලීන පරිවර්තනය “වරක්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?’ කියමින් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ මෝසෙස්ම ය. පඳුර තුළ ඔහුට පෙනුණු දේව දූතයා මඟින් එම ජනයාගේ පාලකයා හා මිදුම්කරුවා කොට දෙවියන්වහන්සේ විසින් යවන ලද්දේ මොහුම ය. Sinhala New Revised Version 2018 “අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය. |
නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.
ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය.
තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක.
එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය.
දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක.
මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
අපි ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි නුඹේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව.
තවද මළවුන් නැගිටින බව ගැන නම්, දෙවියන්වහන්සේ කථාකොට: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන්වූ තැන නුඹලා කියෙවුවේ නැද්ද?
එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.
එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය.
මෝසෙස් කථාකොට: නුඹලාගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ මා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේක; ඔහු නුඹලාට කථාකරන සියල්ල ගැන ඔහුට ඇහුම්කන්දෙන්න.
ඉශ්‍රායෙල්ට පශ්චාත්තාපයත් පව් කමාවත් දෙන අධිපතියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස දෙවියන්වහන්සේ තමන්ගේ දකුණතින් උන්වහන්සේව උසස්කළසේක.
සතළිස් අවුරුද්දක් සම්පූර්ණවූ කල, දේවදූතයෙක් සීනයි කන්දේ වනයෙහි පඳුරක ගිනි ජාලාවෙක්හි ඔහුට පෙනුණේය.
තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.
මක්නිසාද දේවදූතයන් කරණකොටගෙන කියනලද වචනය ස්ථිරවී, සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ වීනම්,
ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.
නුමුත් සමහර දුර්ජනයෝ කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.
යාකොබ් මිසරයට පැමිණියාට පසු නුඹලාගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා නුඹලාගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.