ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 7:16 - Sinhala Revised Old Version

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන්ගේ සිරුරු ආපසු ගෙනවුත්, ආබ්‍රහම් විසින් හාමොර්ගේ පුත්‍රයින්ගෙන් නිශ්චිත මුදලකට මිලට ගෙන තිබූ ෂෙකෙම්හි සොහොනේ තැන්පත් කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 7:16
11 හුවමාරු යොමු  

ආබ්‍රහම් එප්‍රොන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරාදුන්නේය.


මම නුඹලා අතරෙහි විදේශියෙක් හා ආගන්තුකයෙක්ව සිටිමි. මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස නුඹලා අතරෙහි මට උරුමවන ලෙස සොහොන්පළක් දුනමැනවයි කීය.


මෙසේ රාඛෙල් නැසී එප්‍රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය.


මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.


ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය.


මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.


මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.