Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 7:17 - Sinhala Revised Old Version

17 නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුවේ කාලය ළංවී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 “දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත්ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධිකව වර්ධන වූ අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:17
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.


ඒ නිසා දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණාව පෙන්වූසේක. සෙනඟද බෝවී අතිශයින් බලවත්වූවෝය.


මේ ඉශ්‍රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක.


තවද දෙවියන්වහන්සේ මෙසේ කීසේක, කෙසේද: ඔහුගේ වංශය අන්‍ය දේශයක විදේශීව සිටිනවා ඇත, ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන, අවුරුදු හාරසියයක් මුළුල්ලෙහි ඔවුන්ට පීඩාකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්