යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
ක්‍රියා 23:16 - Sinhala Revised Old Version ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය. Sinhala New Revised Version ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයාට මෙම කුමන්ත්‍රණය ගැන අසන්නට ලැබුණෙන්, ඔහු කඳවුරට ගොස්, පාවුල්ට ඒ වග දැනුම් දුන්නේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය. |
යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම ප්‍රයෝගයෙන් අසුකරගන්නසේක. රැවටිලිකාරයන්ගේ මන්ත්‍රණයද පෙරළී යන්නේය.
දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.
එවිට සමූහයා අතරේ සමහරෙක් එකක්ද සමහරෙක් අනිකක්ද මොරගසා කීවෝය. ඒ කෝලාහලය නිසා ඇත්ත දැනගන්ට ඔහුට බැරිවී, ඔහු කොටුවට ගෙනයන්ට අණකෙළේය.
පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද?
නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.
එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය.
තවද ඔහු රැකවල් කරන්ටත් ඔහුට නිදහස දෙන්ටත් ඔහුගේ මිත්‍රයන්ගෙන් කිසිවෙකු විසින් ඔහුට උපස්ථානකිරීම තහනම් නොකරන්ටත් සියයකට මුලාදෑනියාට ඔහු අණකෙළේය.
මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.