Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:34 - Sinhala Revised Old Version

34 එවිට සමූහයා අතරේ සමහරෙක් එකක්ද සමහරෙක් අනිකක්ද මොරගසා කීවෝය. ඒ කෝලාහලය නිසා ඇත්ත දැනගන්ට ඔහුට බැරිවී, ඔහු කොටුවට ගෙනයන්ට අණකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 පිරිසෙන් ඇතමෙක් එකක් ද අන් සමහරෙක් තවෙකක් ද කියමින් කෑ කෝ ගැසූහ. ඝෝෂාව නිසා සත්‍යය කුමක්දැයි දැනගන්නට සෙන්පතිට නො හැකි වූයෙන්, පාවුල් හමුදා කඳවුර වෙත ගෙන යන ලෙස ඔහු නියෝග කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:34
8 හුවමාරු යොමු  

නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.


සභාව වියවුල්වූ බැවින්, සමහරෙක් එකක්ද අන් සමහරෙක් වෙන එකක්ද කියමින් මොරගැසුවෝය; ඔවුන්ගෙන් වැඩි කොටස තුමූ මොන කාරණාවක් නිසා එකතුවුණෝදැයි නොදැන සිටියෝය.


ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය.


අධිපතියා ඔහු කොටුවට ගෙනයන්ට අණකොට මොන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධව එසේ මොරගැසුවෝදැයි දැනගන්නා පිණිස ඔහුට කසෙන් තළා විභාගකරන්ට නියමකෙළේය.


පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද?


පසුවදා, හෙතෙම යුදෙව්වරු මොන කාරණයක් ගැන ඔහුට වැරදි තබත්දැයි හරියාකාර දැනගන්ට කැමතිව, ඔහු මුදා, නායක පූජකයන්ට සහ මුළු මන්ත්‍රණ සභාවට රැස්වෙන්ට අණකොට, පාවුල් ගෙනැවිත් ඔවුන් ඉදිරියෙහි සිටෙවුවේය.


ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට සන්තකවු යමක් මට ලැබෙන පිණිස නුඹලා ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.


පසුවදා අසරුවන් ඔහු සමඟ යන්ට හැර, ඔව්හු කොටුවට හැරී ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්