ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 13:5 - Sinhala Revised Old Version

ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සලමිස් නගරයට ළඟා වූ ඔවුහු, එහි යුදෙව් සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. යොහන් ඔවුන්ගේ සහායකයාව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 13:5
20 හුවමාරු යොමු  

එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬුවලින් උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේය. ඔව්හුද කෑවෝය. පසුව ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවයකෙළේය.


ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,


නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.


මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.


නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය.


ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය.


බාර්ණබස්ද සාවුල්ද තමුන්ගේ උපස්ථානය සම්පූර්ණකොට, මාර්ක් නම්ලත් යොහන් කැඳවාගෙන, යෙරුසලමෙන් හැරී ආවෝය.


නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය.


එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.


තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය.


බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමැතිවූයේය.


එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟද දවස්පතා වෙළඳාම්පළේදී සම්බවූවන් සමඟද වාදකෙළේය.


ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්කකර, යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද ඇදහිල්ලට පමුණුවාගන්ට උත්සාහකළේය.


ඔහු තමාට සේවයකළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා, තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය.


එවිට නුවර වියවුලෙන් පිරුණාය. ඔව්හු, පාවුල් සමඟ ගමන්කළාවූ ඔහුගේ ගමන් හවුල්කරු මකිදෝනියේ මනුෂ්‍යයන්වූ ගායස්ද අරිස්තාර්කස්ද අල්ලාගෙන එක්සිත්ව නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවුවෝය.


ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.


ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.


මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.


ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් නුඹ කැටුව කැඳවාගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනවත්ය.