Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 14:1 - Sinhala Revised Old Version

1 තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ඉකෝනියෙහි දී පාවුල් හා බාර්ණබස් යුදෙව් සිනගෝගයට ගොස් දේශනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, යුදෙව්වන් හා ග්‍රීකයින් මහත් සංඛ්‍යාවක් අදහා ගැනීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 14:1
33 හුවමාරු යොමු  

ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්කකර, යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද ඇදහිල්ලට පමුණුවාගන්ට උත්සාහකළේය.


එහෙත් ඔව්හු තමුන්ගේ පාදවල ධූලි ඔවුන්ට විරුද්ධව ගසා දමා, ඉකෝනියට පැමිණියෝය.


එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.


ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, බොහෝ දෙනෙක් ගෝලයන් කර, ලුස්ත්‍රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත්:


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.


මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.


මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.


ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.


සිනගෝගයේ මුලාදෑනියාවූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තේය; කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද අසා අදහාගෙන බව්තීස්මකරනු ලැබුවෝය.


එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීපදෙනෙක්ද අදහාගත්තෝය.


ඔවුන්ගෙන් සමහරෙක්ද භක්තිවන්තවූ ග්‍රීක්වරුන්ගෙන් මහත් සමූහයක්ද ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කීපදෙනෙක්ද ඇදහීමට පමුණුවනු ලැබ, පාවුල් හා සීලස් සමඟ සමාගම් වූවෝය.


සමූහයා විසිර ගියායින් පසු යුදෙව්වරුන්ගෙන්ද යුදෙව් ආගමට හැරුණ භක්තිවන්තයන්ගෙන්ද බොහෝ දෙනෙක් පාවුල් සහ බාර්ණබස් අනුව ගියෝය. ඔව්හු ඔවුන්ට කථාකරමින්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙහි පවතින්ට ඔවුන්ට අවවාද කළෝය.


ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාසකළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.


ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.


සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.


දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.


එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟද දවස්පතා වෙළඳාම්පළේදී සම්බවූවන් සමඟද වාදකෙළේය.


තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය;


නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍ය ජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය.


ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය.


මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය.


එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ කථාකරමින්: මොහු අපට සම්බ නොවෙන්ට කොතැනට යන්නේද? ග්‍රීකයන් අතරෙහි විසර සිටින්නන් වෙතට ගොස් ග්‍රීකයන්ට උගන්වනවා ඇද්ද?


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


එහෙත් මා සමඟ සිටියාවූ ග්‍රීකයෙක් වන තීතස්ට නුමුත් රහසින් ඇතුල්වුණ බොරු සහෝදරයන් නිසාවත් චර්මඡේද්‍යය ලබන්ට බලකළේ නැත.


මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.


ඈ වනාහි සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරුකරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය.


සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක.


නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.


ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධවූ කෙනෙක්ය.


අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්