Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 12:25 - Sinhala Revised Old Version

25 බාර්ණබස්ද සාවුල්ද තමුන්ගේ උපස්ථානය සම්පූර්ණකොට, මාර්ක් නම්ලත් යොහන් කැඳවාගෙන, යෙරුසලමෙන් හැරී ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 12:25
10 හුවමාරු යොමු  

ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය.


නුමුත් පාවුල්ද බාර්ණබස්ද වෙනත් බොහෝ දෙනෙකු සමඟ ස්වාමීන්වහන්සේගේ වචන උගන්වමින්ද ප්‍රකාශකරමින්ද අන්තියෝකියෙහි නැවතී සිටියෝය.


බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමැතිවූයේය.


කුප්‍රස් දේශිකයෙක් වන ලෙවියයෙක්වූ (අනුශාසනාවේ පුත්‍ර යන අර්ථ ඇති) බාර්ණබස් යන නාමය ප්‍රේරිතයන්ගෙන් ලැබුවාවූ යෝසෙප් වනාහි,


මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.


ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් නුඹ කැටුව කැඳවාගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනවත්ය.


මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කස්ද දේමස්ද ලූක්ද නුඹට ආචාර කරති.


නුඹලා සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී නුඹලාට ආචාරකරන්නීය; මාගේ පුත්‍රවූ මාර්ක් එසේම නුඹලාට ආචාරකරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්