Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 19:21 - Sinhala Revised Old Version

21 එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬුවලින් උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේය. ඔව්හුද කෑවෝය. පසුව ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට එලියා වෙතින් එලිෂා හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬු දර වශයෙන් පාවිච්චි කර, උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේ ය. ඔව්හු ද එය කෑවෝ‍ ය. පසු ව එලිෂා නැඟිට එලියා පසුපස ගොස් ඔහුට සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එවිට එලියා වෙතින් එලිෂා හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬු දර වශයෙන් පාවිච්චි කර, උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේ ය. ඔව්හු ද එය කෑවෝ‍ ය. පසු ව එලිෂා නැඟිට එලියා පසුපස ගොස් ඔහුට සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 19:21
11 හුවමාරු යොමු  

අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ.


මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.


ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි.


ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් නුඹ කැටුව කැඳවාගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනවත්ය.


ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය.


නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.


බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය.


නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය.


ගැළද බෙත්-ෂෙමියවූ යෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේය, එහි ලොකු ගලක් තිබුණේය. ඔව්හු ගැළේ ලී පළා, එළදෙනුන් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්