ක්‍රියා 12:7 - Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය. Sinhala New Revised Version එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය. සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි. Sinhala New Revised Version 2018 එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දූතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය. |
ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය.
තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය.
ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.
උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.
දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.
මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.
රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය.
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.
මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.
ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.
විහිදුණාවූ ඔබගේ ඊගස්වල එළියටත් ඔබගේ දිලිහෙන සෙල්ලයේ දීප්තිමත්කමටත් ඉර සඳ ඒවායේ විමානවල නැවතී සිටියෝය.
උන්වහන්සේගේ දීප්තිය එළිය මෙන් විය; උන්වහන්සේගේ හස්තයෙන් රශ්මි නික්මුණේය. උන්වහන්සේගේ පරාක්‍රමයද එහි සැඟවී තිබුණේය.
ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය.
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ.
තවද ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, බලව, දිලියෙන වස්ත්‍ර ඇන්දවූ මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියෝය.
එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට:
ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.
හෙරොද් ඔහු පිටතට ගෙනෙන්ට සිටිය දාට ප්‍රථම රාත්‍රියේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදාඋන්නේය. රැකවල්ලු දොර ඉදිරියෙහි හිරගෙය රැක සිටියෝය.
දූතයා ඔහුට කථාකොට: ඉඟටිය බැඳ, වහන් දමාගන්නැයි කීවේය. ඔහු එසේ කෙළේය. නුඹේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැයි ඔහුට කීවේය. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය;
හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය.
නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.
එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.
ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?
ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.