Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 19:5 - Sinhala Revised Old Version

5 ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 19:5
12 හුවමාරු යොමු  

නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.


ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.


එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.


ඔහු කථාකොට: බලව, උදහසේ කෙළවරදී සිද්ධවෙන දේ නුඹට දන්වමි. මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටය.


තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.


ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.


තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය.


ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය.


මා සමග කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්