Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 2:13 - Sinhala Revised Old Version

13 ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 2:13
29 හුවමාරු යොමු  

පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.


ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා,


නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්:


තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.


නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, නුඹේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.


එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.


එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.


ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.


ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද,


තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන් යොර්දාන මැදින් ගොඩට අවුත් තමුන්ගේ පාද වියලි භූමිය පිට තැබූ කල, යොර්දානේ ජලය ස්වකීය ස්ථානයට හැරී ඇවිත්, පළමු ලෙස එහි සියලු ඉවුරු ඉක්මවා උතුරා ගියේය.


සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙනලද්දේය; එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණයකරනු ලබන්නීය.


එවිට හිරගෙයි මුලාදෑනියා ඒ වචන පාවුල්ට දන්වා: නුඹලා මුදාහරින්ට නඩුකාරයෝ කියා එවුවෝය. එබැවින් පිටතට ඇවිත් සමාදානයෙන් ගිය මැනවියි කීවේය.


ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය.


හෙතෙම අපේ ජාතියට විරුද්ධව උපා යොදා තමුන්ගේ ළදරුවන් ජීවත් නොවන පිණිස ඔවුන් අහක දමන ලෙස අපගේ පියවරුන්ට පීඩා කෙළේය.


ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.


ස්ත්‍රීද කාන්තාරයට පලාගියාය, එක්දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණයකරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළකරනලද ස්ථානයක් ඈට එහි තිබුණේය.


මෝසෙස් විසින් යෝෂුවාට අණකළ සියල්ල ලෙස සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ සියලු දෙය කෙළවර වන තෙක් ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයෝ යොර්දාන මැද නැවතී සිටියෝය. සෙනඟද ඉක්මන් කර මෙතරට ආවෝය.


මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.


ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය බිහිකළ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.


එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්,


ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක.


ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්,


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.


නුමුත් හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලාගියෝය; මෙකල හදද් කුඩා ළමයෙක්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්