ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 1:24 - Sinhala Revised Old Version

තවද ඔව්හු යාච්ඤාකරමින්: සියල්ලන්ගේ සිත් දන්නාවූ ස්වාමීන්වහන්ස, තමාගේම ස්ථානයට යන පිණිස යම් මෙහෙයකින්ද ප්‍රේරිතකමකින්ද යූදස් වැටී ගියේද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, “සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් ප්‍රේරිතකමේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, “සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් අපෝස්තුළුවරයේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 1:24
24 හුවමාරු යොමු  

ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව.


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.


දෙවියන්වහන්සේ එය නොසොයනසේක්ද? මක්නිසාද උන්වහන්සේ සිතේ රහස් දන්නාසේක.


අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.


ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!


එහෙත්, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන්නාවූ, හෘදයත් සිතත් විමසන්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මම මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි.


ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි.


ධර්මිෂ්ඨයා සෝදිසිකරන්නාවූ, අදහස්ද සිතද දකින්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි.


මාංසමයවූ සියල්ලන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ සභාව එඬේරෙක් නැති බැටළුවන්මෙන් නොවන පිණිස,


උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.


උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.


ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,


සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක;


ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය.


ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.


උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.


ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.


සාවුල්ද: ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, හරි දේ පෙන්වාදුනමැනවයි ස්වාමීන්වහන්සේට කීවේය. පසඇට දැමූ විට සාවුල් සහ යොනාතාන් අසුවුණෝය, සෙනඟ ගැළවුණෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.