ක්‍රියා 15:8 - Sinhala Revised Old Version8 සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙසම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක. පරිච්ඡේදය බලන්න |
උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.