Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 1:23 - Sinhala Revised Old Version

23 එවිට ඔව්හු යුස්තස් කියනලද බර්සබ්බස් නම් යෝසෙප්ද මත්තියස්ද යන දෙදෙනෙක් ඉදිරිපිට සිටෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 ඔවුහු ඒ සඳහා දෙදෙනකු යෝජනා කළහ. ඒ යුස්තස් නමින් ද හැඳින්වුණු බාර්සබස් නම් ලත් යෝසෙප් හා මත්තියස් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 1:23
3 හුවමාරු යොමු  

එකල තමුන්ගේ සමාගමෙන් මනුෂ්‍යයන් තෝරාගන පාවුල් හා බර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැයි ප්‍රේරිතයන්ටද වැඩිමහල්ලන්ටද මුළු සභාවටද පෙනීගියේය; තෝරාගනු ලැබුවෝ නම් සහෝදරයන් අතරේ ප්‍රධානවූ අය වන බර්සබ්බස් නම්ලත් යූදස් සහ සීලස්ය.


ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය.


ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්