ඔබදියා 1:3 - Sinhala Revised Old Version පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය. Sinhala New Revised Version ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය. Sinhala New Revised Version 2018 ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය. |
ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.
ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය.
යූදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ.
ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමද ඔහුගේ උදාරම්කමද ඔහුගේ ආඩම්බරයද ඔහුගේ උදහසද ගැන ඇසීමුව, ඔහුගේ පාරට්ටුකිරීම් හිස්ය.
අපට විරුද්ධව බැසඑන්නේ කවුද කියාත් අපේ වාසස්ථානවලට ඇතුල්වෙන්නේ කවුද කියාත් කියන්නාවූ, මිටියාවතෙහිද තලාවේ පර්වතයෙහිද වාසයකරන්නිය, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත.
අහෝ මෝවබ් වැසියෙනි, නුවරවල් අත්හැර පර්වතවල වාසයකරන්න; ගුහා මුඛයේ පැතිවල කූඩු බඳින පරෙවියා මෙන් වෙන්න.
අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, නුඹේ සිතේ භයංකරකම ගැන නුඹේ සිතේ උඩඟුකමෙන් නුඹ රැවටුණෙහිය. නුඹේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
පසුබටවන දියණිය, නුඹ මිටියාවත් ගැන එනම් නුඹේ ගලායන මිටියාවත් ගැන පාරට්ටුකරගන්නේ මක්නිසාද? මට විරුද්ධව පැමිණෙන්නේ කවුදැයි කියා නුඹේ වස්තු කෙරෙහි නුඹ විශ්වාසකරන්නෙහිය.
නුඹේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ නුඹ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, නුඹ පව්කෙළෙහිය. එබැවින් නුඹ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි.
අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.