Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 21:13 - Sinhala Revised Old Version

13 අපට විරුද්ධව බැසඑන්නේ කවුද කියාත් අපේ වාසස්ථානවලට ඇතුල්වෙන්නේ කවුද කියාත් කියන්නාවූ, මිටියාවතෙහිද තලාවේ පර්වතයෙහිද වාසයකරන්නිය, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 තැනිතලාවට ඉහළින් නැඟෙන පර්වතයේ වාසය කරන්නන්ට විරුද්ධ ව මම සටන් කරමි. ‘නුඹලාට විරුද්ධ ව කිසිවෙකු බැස එන්නේ වත්, නුඹලාගේ වාසස්ථානවලට ඇතුළු වන්නේ වත් නැතැ’යි නුඹලා කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 තැනිතලාවට ඉහළින් නැඟෙන පර්වතයේ වාසය කරන්නන්ට විරුද්ධ ව මම සටන් කරමි. ‘නුඹලාට විරුද්ධ ව කිසිවෙකු බැස එන්නේ වත්, නුඹලාගේ වාසස්ථානවලට ඇතුළු වන්නේ වත් නැතැ’යි නුඹලා කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 21:13
21 හුවමාරු යොමු  

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


පොළොවේ රජවරුද ලෝකයේ සියලු වැසියෝද එදිරිකාරයා සහ සතුරා යෙරුසලමේ දොරටුවලට ඇතුල්වන්නේයයි විශ්වාස නොකළෝය.


එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.


බලව, උඩඟුවූ තැනැත්ත, මම නුඹට විරුද්ධයයි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹේ දවස වන මා නුඹට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.


යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.


අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, නුඹේ සිතේ භයංකරකම ගැන නුඹේ සිතේ උඩඟුකමෙන් නුඹ රැවටුණෙහිය. නුඹේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මමම දිගුකළ අතකින් හා බලවත් හස්තයකින්ද උදහසකින්ද කෝපයෙන්ද තද අමනාපයෙන්ද නුඹලාට විරුද්ධව යුද්ධකොට,


දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය. ඔල්වරහඬවලින් පූර්ණවූ ඝෝෂා ඇති නුවරක්ද ප්‍රීතිමත් නගරයක්ද වූ නුඹ තුළ සිටින සියල්ලන් පියසිවලට නැගීගියේ නුඹට මක්වෙලාද?


එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.


මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න.


මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ නුඹේ පුත්‍රයාට දන්වන්න.


ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම, මමම පවා, නුඹට විරුද්ධව ජාතීන්ගේ ඇස් හමුවෙහි නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි.


ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි.


බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.


එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්