එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.
එළිදරව් 18:19 - Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය. Sinhala New Revised Version ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු තම හිස් මත ධූලි ඉස ගනිමින්, හඬමින්, වැලපෙමින්, මොර ගසමින්, මෙසේ කීහ: “ ‘අහෝ! අහෝ මහා පුරවරය, මුහුදේ නැව් තිබූ සියල්ලෝ, ඇගේ ඉසුරින් ධනවත් වූහ! ඇගේ විනිශ්චය එක් පැයකින්ම පැමිණිලා!’ Sinhala New Revised Version 2018 ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය. |
එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.
තවද ඒ මාසයේ විසි හතරවෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ නිරාහාරව ගෝණි රෙදි හැඳ, තමුන්ගේ හිස පිට පස් ලාගෙන, රැස්ව සිටියෝය.
ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.
සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.
නුඹ ගැන තමුන්ගේ හඬ පවත්වා, ශෝකයෙන් මොරගසා, තමුන්ගේ හිස් පිට ධූලි හෙළාගන, අලුවල පෙරළී සිටින්නෝය.
යෝෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.
නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.
අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේයයි කියමින් ඈ ගැන අඬා විලාප කියති.
මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.
එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.
බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.