Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:6 - Sinhala Revised Old Version

6 යෝෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:6
30 හුවමාරු යොමු  

රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන


තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.


සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.


එවිට රජ නැගිට තමාගේ වස්ත්‍ර ඉරාගෙන බිම වැතුරුණේය; ඔහුගේ සියලු සේවකයෝද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියෝය.


දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන,


ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය.


එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා:


ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.


එවිට යෝබ් නැගිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:


තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්,


එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්‍රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය.


සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද ස්වාමීන්වහන්සේගේ සෙනඟද ඉශ්‍රායෙල් වංශයද කඩුවෙන් වැටුණු නිසා ඔවුන් ගැන වැලපෙමින් හඬමින් සවස දක්වා නිරාහාරයෙන් සිටියෝය.


බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.


සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස්වන තෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි හිඳ ශබ්දනගා මහත් හැඬීමකින් හැඬුවෝය.


එකල සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුළු සෙනඟද ගොස් බෙතෙල්ට පැමිණ, එහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අඬමින් හිඳ, එදා සවස් වන තෙක් නිරාහාරව සිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.


මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශකරන පිණිස මොවුන් අතරෙන් අහක්වෙන්නැයි කීසේක.


එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.


යෝෂුවා: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස, අප නැතිකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවාදීමට ඔබ මේ සෙනඟ යොර්දානෙන් මෙගොඩට පැමිණෙවුවේ මක්නිසාද? අනේ අපි යොර්දානෙන් එගොඩ වාසයකරන්ට සතුටුවුණෙමුනම් හොඳය.


එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද තමුන්ගේ වස්ත්‍ර අල්වා ඉරාගෙන,


රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන,


රජ වනාහි ව්‍යවස්ථාවේ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගත්තේය.


එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.


ඔහු ඈ දුටු විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, නුඹ මා ඉතා කණගාටු කෙළෙහිය, නුඹ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමියි කීය.


තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.


එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.


එස්රා අඬමින් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියේ වැටී ඉඳ යාච්ඤාකොට පව් කියා සිටියදී, ඉශ්‍රායෙල්වරුන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක් ඔහු වෙතට රැස්වුණෝය. මක්නිසාද සෙනඟ බොහෝසෙයින්ම ඇඬුවෝය.


තවද ඒ මාසයේ විසි හතරවෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ නිරාහාරව ගෝණි රෙදි හැඳ, තමුන්ගේ හිස පිට පස් ලාගෙන, රැස්ව සිටියෝය.


තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්