ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.
එස්රා 2:28 - Sinhala Revised Old Version බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය. Sinhala New Revised Version බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය. Sinhala New Revised Version 2018 බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය. |
ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.
අහෝ හෙෂ්බොන්, කෑමොරගසන්න, මක්නිසාද හායි නටබුන්විය; එම්බා රබ්බාහි ගම්, කෑගසා, ගෝණි රෙදි හැඳගන, විලාප කියා තාප්ප අතරේ එහා මෙහා දුවන්න; මක්නිසාද මල්කාම්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාල්කමට යන්නෝය.
මක්නිසාද: මෙපමණ අවුරුදුවල කළාක්මෙන් අප පස්වෙනි මාසයේ සැපතින් වැලකී සිට අඬන්ට ඕනෑදැයි කියා සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටින පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් අසා,
තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්‍යයන් යවමින්: නුඹලා නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්‍යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන,
ඉශ්‍රායෙල්වරුන් පස්සේ යන්ට පිටතට නොගිය එක මනුෂ්‍යයෙක්වත් හායිහි හෝ බෙතෙල්හි හෝ ඉතුරුනොවීය. නුවර නොවසා අත්හැර, ඔව්හු ඉශ්‍රායෙල්වරුන් එළවාගෙන ගියෝය.
මෙසේ යෝෂුවා විසින් යවන ලදුව ඔව්හු ගොස් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ සැඟවී සිටියෝය. නුමුත් යෝෂුවා ඒ රාත්‍රියෙහි සෙනඟ අතරේ නැවතී සිටියේය.