මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
එස්තර් 10:1 - Sinhala Revised Old Version අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය. Sinhala New Revised Version අහෂ්වේරොෂ් රජ දේශයටත්, මුහුදු දිවයින්වලටත් තමාට කප්පම් ගෙවන ලෙස නියම කෙළේ ය. |
මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.
එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයටත් ගෞරවකරන්න.
තවද ඔහු තමාගේ මුහුණ ද්වීප දෙසට හරවා, බොහෝ ද්වීප අල්වාගන්නේය. නුමුත් අධිපතියෙක් ඔහු විසින් කරන නින්දාව නවත්වනවාත් ඇර, ඔහු කළ නින්දාව ඔහු පිටට හරවන්නේය.
තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.