Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 8:9 - Sinhala Revised Old Version

9 එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 8:9
10 හුවමාරු යොමු  

එක එක පුරුෂයා විසින් තම තමාගේ ගෙදර ආණ්ඩුකරන හැටියටද, තමාගේ සෙනඟගේ භාෂාවෙන් එය ප්‍රකාශකරන හැටියටද, එක එක රටේ අකුරුවලිනුත් එක එක සෙනඟගේ භාෂාවෙනුත් ලියුම් ලියා ඇරියේය.


තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.


මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,


නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා.


එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය.


එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: නුඹලාට සමාදානය වැඩිවේවා.


ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ.


අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්