Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 10:5 - Sinhala Revised Old Version

5 මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 10:5
26 හුවමාරු යොමු  

ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.


මක්නිසාද නුඹලා කිත්තිවරුන්ගේ ද්වීපවලට ගොස් බලා, කේදාර්ටත් අසා යවා, හොඳට කල්පනාකර, මෙයාකාර දෙයක් වුණාද කියා බලන්න.


තීර්හි සියලු රජුන්ටත් ශිදොන්හි සියලු රජුන්ටත් මුහුදෙන් එතර පළාත්වල රජුන්ටත්,


පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.


තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් හාම්ගේ පුත්‍රයෝ නම් මොව්හුය.


සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.


උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක.


මාගේ ධර්මිෂ්ඨකම ළංව තිබේ, මාගේ ගැළවීම පිටත්ව ගියේය, මාගේ හස්තයන්ද ජනයන් විනිශ්චයකරනවා ඇත; ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත.


ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.


මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට අලුත් ගීතිකාවක් ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරන්න.


ද්වීපයෝ දැක භයවූවෝය; පොළොවේ සීමාවෝ වෙවුලුවෝය. ඔව්හු ළංවී ආවෝය;


බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.


එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයටත් ගෞරවකරන්න.


තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.


ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය, මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.


යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය.


හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ තීර්ට මෙසේ කියනසේක: නුඹේ වැටීමේ ශබ්දයටත් නුඹ තුළෙහි තුවාලවූවන්ගේ කෙඳිරිගෑමටත් මිනිසුන් මරා දැමීමටත් ද්වීපයෝ නොසෙල්වන්නෝද?


දැන් ද්වීපයෝ නුඹේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ නුඹේ තුරන්වීමට තැතිගන්නෝයයි නුඹ ගැන කියනවා ඇත.


තවද ඔහු තමාගේ මුහුණ ද්වීප දෙසට හරවා, බොහෝ ද්වීප අල්වාගන්නේය. නුමුත් අධිපතියෙක් ඔහු විසින් කරන නින්දාව නවත්වනවාත් ඇර, ඔහු කළ නින්දාව ඔහු පිටට හරවන්නේය.


මේ තුන්දෙනා නෝවාගේ පුත්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය.


තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.


මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.


අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්