අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.
එස්තර් 1:1 - Sinhala Revised Old Version තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය. Sinhala New Revised Version ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය. |
අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.
එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා.
එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.
එසේ අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ රටවල් එකසිය විසිහතේ සිටිය සියලු යුදෙව්වරුන්ට සමාදාන සහිතවූ සත්‍යවූ වචන ඇති ලියුම් ලියා ඇර,
කූෂ්හි රජවූ තිර්හකා තමාට විරුද්ධව යුද්ධ කරන්ට එන්නේයයි ඔහුට සැලවිය. ඔහු ඒ අසා හෙසකියා ළඟට පණිවිඩකාරයන් එවමින් කියනුයේ:
තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.
කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත්කරනු ලැබුවාවූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රව දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී,