එසකියෙල් 8:17 - Sinhala Revised Old Version එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම්කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝපකරති. බලව, ඔව්හු අත්ත තමුන්ගේ නාසයට අල්ලති. Sinhala New Revised Version එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති. Sinhala New Revised Version 2018 එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති. |
දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.
තවද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය.
ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත්ය; මක්නිසාද ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවුවේය. ස්වාමීන්වහන්සේද කමාවෙන්ට නොකැමැතිවූසේක.
මක්නිසාද ඔවුන් මා අත්හැර, මේ ස්ථානය අන්‍ය එකක් කර, ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් යූදාහි රජුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පුකර, නිර්දෝෂයන්ගේ ලේවලින් මේ ස්ථානය පුරවා තිබේ.
මක්නිසාද මම කථාකරන සෑමවිටම මොරගසමි; බලාත්කාරය හා නාස්තියයයි කෑගසා කියමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරනලද්දේ විය.
එසේ වුණේ ඔවුන්වත් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට සේවයකිරීමට සුවඳ දුම් ඔප්පුකරන්ට යාමෙන් මා කෝපකරවන ලෙස ඔවුන් කළාවූ ඔවුන්ගේ නපුරුකම නිසාය.
ළිඳකින් වතුර උනන්නාක්මෙන් ඒකේ නපුරුකම උනාඑන්නේය. බලාත්කාරයත් පීඩාවත් එහි ඇසෙන්නේය; වේදනාවද පහරදීමද නිතරම මා ඉදිරියෙහි ඇත්තේය.
ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
තවද ශරීරයෙන් තරව සිටින නුඹේ අසල්වාසීන් වන මිසරයන් සමඟ නුඹ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
අසරණයාටද දිළින්දාටද පීඩාකොට, කොල්ලකන්නෙක් වේ නම්, උකස නැවත නොදී සිට, තමාගේ ඇස් දේවරූපවලට ඔසවා,
මාගේ කෝපය නුඹ කෙරෙහි තබමි, ඔවුන්ද නුඹ සමඟ උදහසින් ක්‍රියාකොට, නුඹේ නාසයද නුඹේ කන්ද කපා දමනවා ඇත; නුඹේ ඉතිරි අයද කඩුවෙන් වැටෙනවා ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද අරගන යනවා ඇත; නුඹේ ඉතිරි අයද ගින්නෙන් නාස්තිවන්නෝය.
නුඹේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ නුඹ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, නුඹ පව්කෙළෙහිය. එබැවින් නුඹ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්‍රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
බලාත්කාරය දුෂ්ටකමේ දණ්ඩක් පිණිස නැගුටුණේය; ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ සමූහයන්ගෙන් හෝ කිසිවෙක්වත් ඔවුන්ගේ වස්තුවෙන් කිසිවක්වත් ඉතිරි නොවන්නේය. ඒවා අතරේ උත්තමකමක්ද නොවන්නේය.
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක.
එවිට උන්වහන්සේ: ඉශ්‍රායෙල් සහ යූදා වංශයේ අයුතුකම ඉතාම මහත්ය, දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ. මක්නිසාද–ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ නොදක්නාසේක කියාද ඔව්හු කියති.
මක්නිසාද බලාත්කරකමේ ප්‍රයෝජනද කොල්ලයද තමුන්ගේ මාළිගාවට රැස්කරගන්න තැනැත්තෝ යුතුකම්කරන්ට නොදනිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.
මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ.
ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.