Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 21:16 - Sinhala Revised Old Version

16 තවද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 21:16
26 හුවමාරු යොමු  

නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.


යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,


එසේ නුඹලා වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය.


ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.


අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් නුඹලා කැමතිවුණේ නැත.


නායක පූජකයෝ ඒ රිදී මිල රැගෙන: මේවා ලේවල මිල බැවින් දේවගබඩාවේ දමන්ට යුතු නැතැයි කීවෝය.


මක්නිසාද ඔවුන් මා අත්හැර, මේ ස්ථානය අන්‍ය එකක් කර, ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් යූදාහි රජුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පුකර, නිර්දෝෂයන්ගේ ලේවලින් මේ ස්ථානය පුරවා තිබේ.


යූදාහි රජවූ හෙසකියාගේ පුත්‍රවූ මනස්සේ විසින් යෙරුසලමෙහි කළ දේ නිසා පීඩා විදීමට ඔවුන් පොළොවේ සියලු රාජ්‍යවලට භාරදෙන්නෙමි.


විදේශියාටද මවුපියන් නැත්තාටද වැන්දඹුවටද පීඩා නොකර, මේ ස්ථානයෙහි නිදොස් ලේ නොවගුරුවා, නුඹලාටම අන්තරාය සිදුවීමට අන්‍ය දෙවිවරුන් පස්සේ නොගොස් සිටින්නහු නම්,


තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.


තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.


මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.


මක්නිසාද ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත්ව ආ දවස පටන් අද දවස දක්වාම ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට මා කෝප කළෝයයි වදාරනසේකැයි කියෙවුසේක.


මක්නිසාද මේ නුවර මා ඉදිරියෙන් පහකරවන හැටියට ඒක ගොඩනැගූ දා පටන් අද දක්වා මාගේ උදහසත් මාගේ කෝපයත් ඉපදවීමට හේතුවක්ව තිබුණේය.


එවිට උන්වහන්සේ: ඉශ්‍රායෙල් සහ යූදා වංශයේ අයුතුකම ඉතාම මහත්ය, දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ. මක්නිසාද–ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ නොදක්නාසේක කියාද ඔව්හු කියති.


නුඹ වැගිරෙවු නුඹේ ලේවලින් නුඹ වරදකාරයෙක්වී, නුඹ සෑදූ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍රවී, මෙසේ නුඹේ දවස් ළංවෙන්ට සලස්වා, නුඹේ අවුරුදුවලට නුඹ පැමින්ණෙහිය. එබැවින් මම නුඹ ජාතීන්ට නින්දාවක්ද සියලුම දේශවලට කවටකමක්ද කෙළෙමි.


එසේ වුවත් ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:


උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,


මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්නෙහිද? ලේ වගුරුවන නුවර විනිශ්චයකරන්නෙහිද? එසේවී නම් ඇගේ සෑම පිළිකුල්කම් ඈට දන්වමින් මෙසේ කියන්න:


එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චයකරන්නෝය. මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රියෝය, ලේ ඔවුන්ගේ අත්වල ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්