එසකියෙල් 45:18 - Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පළමුවෙනි මාසයේ පළමුවෙනිදා කැලලක් නැති තරුණ ගොනෙක් රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න. Sinhala New Revised Version “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න. Sinhala New Revised Version 2018 “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න. |
මට සේවයකරන්ට මා ළඟට පැමිණෙන්නාවූ, ශාදොක්ගේ වංශයේ ලෙවීවරුවූ පූජකයන්ට පාප පූජාවක් පිණිස තරුණ ගොනෙක් දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන ඒකේ අං සතරේද පිළේ කොන් සතරේද වටකර ගැටියේද ගා, එසේ ඒකේ දෝෂ පහකොට, ඒක උදෙසා සමඟිකමක් කරන්න.
දෙවෙනි දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැලලක් නැති පිරිමි සතෙක් ගෙනෙන්න; ගොනාගෙන් පූජාසනය පවිත්‍රකළාක්මෙන් එයින් ඒක පවිත්‍ර කරත්වා.
නුඹ ඒක පවිත්‍රකර තීන්දුවුණාම, කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් කැලලක් නැති බැටළුවෙක්ද ගෙනැවිත්,
මාසයේ සත්වෙනි දවසේදීත් එසේම කොට, මුළාවෙන අය නිසාත් අනුවණ තැනැත්තා නිසාත් ගෘහය උදෙසා සමඟිකමක් කරන්න.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය.
එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය.
අති ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමගිකමක් කළ යුතුය.
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?
කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.