Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 43:20 - Sinhala Revised Old Version

20 නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන ඒකේ අං සතරේද පිළේ කොන් සතරේද වටකර ගැටියේද ගා, එසේ ඒකේ දෝෂ පහකොට, ඒක උදෙසා සමඟිකමක් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:20
18 හුවමාරු යොමු  

ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා.


ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.


සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමක් කොට, ඒක පිරිසිදුකර, ඒක කැපකරත්වා.


දෙවෙනි දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැලලක් නැති පිරිමි සතෙක් ගෙනෙන්න; ගොනාගෙන් පූජාසනය පවිත්‍රකළාක්මෙන් එයින් ඒක පවිත්‍ර කරත්වා.


ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.


නුඹ සමඟිකිරීම පිණිස පාප පූජාවේ ගොනා හැමදාම පූජාකළ යුතුය. පූජාසනය උදෙසා සමඟිකමක් කරන විට ඒක පවිත්‍ර කරන්න; ඒක විශුද්ධකරන පිණිස ඒක ආලේප කරන්න.


තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන නුඹේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න.


පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා.


ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමගිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය.


බිමේ පටන් පහළ පිළට දෙරියනක්ය, පළල එක රියනක්ය; කූඩා පිළ පටන් ලොකු පිළට රියන් සතරක්ය, පළලද රියනක්ය.


පූජකයාද පාප පූජාවේ ලේ වලින් ස්වල්පයක් රැගෙන ගෘහයේ උළුවස්සේ කණුවලත් පූජාසනයේ පිළේ කොන් සතරෙත් ඇතුල් මළුවේ දොරටුවේ උළුවස්සේ කණුවලත් ගාන්නේය.


සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.


එවිට ඔහු පාප පූජාවේ ගොනා ගෙනායේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද පාප පූජාවේ ගොනාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පළමුවෙනි මාසයේ පළමුවෙනිදා කැලලක් නැති තරුණ ගොනෙක් රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්