එසකියෙල් 45:1 - Sinhala Revised Old Version තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය. Sinhala New Revised Version “තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය. Sinhala New Revised Version 2018 “තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය. |
ඉශ්‍රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පසඇට දමා බෙදිය යුතුවූ දේශය ඒකය, ඔවුන්ගේ කොටස් ඒවායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්: නුඹලා විසින් පස ඇට දැමීමෙන් උරුමකරගත යුතුවන්නාවූ, ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් දෙන්ට ස්වාමීන්වහන්සේ අණකළාවූ දේශය නම් මේය.
ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් නුඹට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.
පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද විසින් ඔවුන්ට බෙදා දුන්නාවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි ලැබුණාවූ උරුම කොටස් මේවාය.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් පස ඇට දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේය.
මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.