Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 14:2 - Sinhala Revised Old Version

2 ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් පස ඇට දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 14:2
14 හුවමාරු යොමු  

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්: නුඹලා විසින් පස ඇට දැමීමෙන් උරුමකරගත යුතුවන්නාවූ, ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් දෙන්ට ස්වාමීන්වහන්සේ අණකළාවූ දේශය නම් මේය.


පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.


පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.


එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.


පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.


ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය.


නුඹලාට දේශය උරුමයක් කොට බෙදා දෙන්නන් වූ මනුෂ්‍යයන්ගේ නාම නම්: පූජකවූ එලෙයාසර් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාය.


නුඹලා දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


එබැවින් දැන් මේ දේශය ගෝත්‍ර නවයටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදාදෙන්නැයි කීසේක.


යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.


තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්