Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:31 - Sinhala Revised Old Version

31 ඉබේම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදැමූ කිසි පක්ෂියෙක්වත් මෘගයෙක්වත් පූජකයන් විසින් නොකෑ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ඉබේ ම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනු ලැබූ කිසි පක්ෂියෙකු වත්, මෘගයෙකු වත් පූජකයෙකු නොකෑ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඉබේ ම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනු ලැබූ කිසි පක්ෂියෙකු වත්, මෘගයෙකු වත් පූජකයෙකු නොකෑ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:31
8 හුවමාරු යොමු  

ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.


නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.


ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා නුඹේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ නුඹට පුළුවන. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.


එබැවින් කෑම මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධා නොපැමිණෙන පිණිස, කිසි කලක මාංස නොකන්නෙමි.


කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය.


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.


ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.


ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්