Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 13:6 - Sinhala Revised Old Version

6 ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් නුඹට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:6
13 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහරදී මහ ශීදොන් දක්වාද මිස්රෙඵොත්-මයිම් දක්වාද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වාද ඔවුන් එළවාගන ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහරදුන්නෝය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.


ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.


පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.


එබැවින් දැන් මේ දේශය ගෝත්‍ර නවයටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදාදෙන්නැයි කීසේක.


ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක. ඔබ ජාතීන් එළවා එය රෝපණය කළසේක.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


යෝෂුවා මේ සියලු රජුන්ගේ නුවරවල්ද එහි සියලු රජුන්ද අල්වාගෙන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ ලෙස කඩුමුවහතින් ඔවුන්ට පහරදී ඔවුන් සිඳදැමුවේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, නුඹලා ඉදිරියෙන් ඔවුන් එළවා නුඹලා ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; නුඹලාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්