ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලීව ලීවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ් රූප දෙකක් සාදා තැබුවේය.
එසකියෙල් 41:24 - Sinhala Revised Old Version දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය. Sinhala New Revised Version දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය. Sinhala New Revised Version 2018 දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය. |
ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලීව ලීවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ් රූප දෙකක් සාදා තැබුවේය.
ඊට භිත්තියෙන් සතරෙන් කොටසක් ගියේය. එක දොරකට අකුළන පියන් දෙකක්ද අනික් දොරට අකුළන පියන් දෙකක්ද විය.
පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.
ඔහු ගෘහයේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේය, එක පැත්තක රියන් පහක්ය, අනික් පැත්තෙහි රියන් පහක්ය. දොරටුවේ පළල එක පැත්තක රියන් තුනක්ය, අනික් පැත්තෙහි රියන් තුනක්ය.
නුඹ යම් නුවරක් අල්ලාගන්ට ඊට විරුද්ධව යුද්ධකරමින් බොහෝ දවස් ඒක වටලාගෙන ඉන්න අතර එහි තිබෙන ගස් පොරොවෙන් කපා නාස්ති නොකරන්න; මක්නිසාද නුඹට ඒවායෙන් කන්ට පුළුවන, ඒවා කපා නොදමන්න; කුමක්හෙයින්ද නුඹ විසින් වටලනු ලබන පිණිස කෙතේ වෘක්ෂය මනුෂ්‍යයෙක්ද?