Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 4:22 - Sinhala Revised Old Version

22 පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 4:22
12 හුවමාරු යොමු  

ඇතිළිද හැඳිද පහන් කතුරුද තාළිද පාත්‍රාද සේවයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගෙනගියෝය.


ඇතිලිද හැඳිද පහන් කතුරුද පාත්‍රාද මෙහෙයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගත්තෝය.


එහෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා,


අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය.


ඔහු ඒකේ පහන් සතද ඒකේ කතුරුද ඒකේ කතුරු තැටිද පවිත්‍ර රනින් සෑදුවේය.


ඒකේ කතුරුද කතුරු තැටිද පවිත්‍ර රනින් විය යුතුය.


එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.


රනින් එනම් ඉතා අනර්ඝ රනින් මල්ද පහන්ද අඬුද;


මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.


ඔහු ඒවායේ කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේය.


දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්