Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:48 - Sinhala Revised Old Version

48 ඔහු ගෘහයේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේය, එක පැත්තක රියන් පහක්ය, අනික් පැත්තෙහි රියන් පහක්ය. දොරටුවේ පළල එක පැත්තක රියන් තුනක්ය, අනික් පැත්තෙහි රියන් තුනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:48
5 හුවමාරු යොමු  

ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.


ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය.


එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේය, එය රියන් දෙකක්ය. දොරකඩ රියන් හයක්ය; දොරකඩ පළල රියන් සතක්ය.


පටු කවුළු සහ තල්ගස් ශාලාවේ දෙපැත්තෙහිද කාමරවලද තිබුණේය, ඝනවූ (ලී) පඩි කඳන්ද තිබුණේය.


දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්