නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.
එසකියෙල් 34:6 - Sinhala Revised Old Version මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය. Sinhala New Revised Version මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ. Sinhala New Revised Version 2018 මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ. |
නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.
මාගේ දකුණතට ඇස් හෙළා බැලුව මැනව; මක්නිසාද මා අඳුනන කිසිවෙක් නැත්තේය. මට රක්ෂාස්ථානයත් නැතිවිය; කිසිවෙක් මාගේ ප්‍රාණය ගැන සලකන්නේ නැත.
ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.
මක්නිසාද එඬේරු මෝඩවී ස්වාමීන්වහන්සේගෙන් නොවිචාරා සිටියෝය. එබැවින් ඔව්හු දියුණු නූණෝය, ඔවුන්ගේ සියලු රැළවල්ද විසිර ගියෝය.
උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.
යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.
එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.
ඔවුන් මාගෙන් පලාගිය නිසා ඔවුන්ට දුක්වේ! ඔවුන් මට විරුද්ධව කැරළිගැසූ නිසා ඔවුන්ට විනාශය පැමිණෙන්නේය! මම ඔවුන් මුදාගන්ට කැමැතිවීමි, නුමුත් ඔව්හු මට විරුද්ධව බොරු කීවෝය.
මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය.
තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.
මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.