Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:6 - Sinhala Revised Old Version

6 මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:6
36 හුවමාරු යොමු  

අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.


උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.


ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න.


හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, ඉශ්‍රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තෘණබිම් වන්නේය. එහි හොඳ තෘණබිම්වල උන් ලගිනවා ඇත, ඉශ්‍රායෙල් කඳුවල උන් සාරවත් තෘණ කනවා ඇත.


ඉශ්‍රායෙල් විසිරගිය බැටළුවෙක්ය; සිංහයෝ ඔහු පන්නාදැමුවෝය. පළමුකොට අෂූර්හි රජ ඔහු ගොදුරට ගත්තේය; අන්තිමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔහුගේ ඇට බින්දේය.


නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.


ඉශ්‍රායෙල් නැවත ඔහුගේ තෘණ බිමට ගෙනෙන්නෙමි, එවිට ඔහු කර්මෙල්හිද බාෂාන්හිද පෝෂ්‍යවෙනවා ඇත, එප්‍රායිම් හෙල් පිටද ගිලියද්හිද ඔහුගේ ප්‍රාණය තෘප්තියට පැමිණෙන්නේය.


තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කළ දේ නුඹ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය.


මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක.


මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.


මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.


නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක.


මක්නිසාද එඬේරු මෝඩවී ස්වාමීන්වහන්සේගෙන් නොවිචාරා සිටියෝය. එබැවින් ඔව්හු දියුණු නූණෝය, ඔවුන්ගේ සියලු රැළවල්ද විසිර ගියෝය.


සැබවින්ම හෙල්ද කඳු රාශියද කෙරෙහි විශ්වාසකිරීම නිෂ්ඵලය. සැබවින්ම ඉශ්‍රායෙල්ගේ ගැළවීම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ තිබේ


කන්‍යාවක් ඇගේ ආභරණද මනමාලියක් ඇගේ ඉඟපටියද සිහිනැති කරනවා ඇද්ද? එහෙත් මාගේ සෙනඟ ගණන් නැති දවස්වල මා සිහිනැතිකළෝය.


මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.


මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.


මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් නුඹලා අකැමැතිවී කථාකොට:


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.


උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.


උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.


මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.


මක්නිසාද සමාදානය නැති කල්හි සමාදානයයයි කියා ඔව්හු මාගේ සෙනඟ මුළාකෙරෙවුවෝය; සෙනඟ තාප්පයක් ගොඩනගන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.


මමම මාගේ බැටළුවන් පෝෂ්‍යකර, මමම උන් ලග්ගවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.


ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්