ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
එසකියෙල් 23:3 - Sinhala Revised Old Version ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය. Sinhala New Revised Version ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය. |
ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
නුමුත් නුඹේ ශෝභනකම කෙරේ නුඹ විශ්වාසකොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම්කරමින්, ළඟින් යන එකිනෙකාටම නුඹේ වේශ්‍යාකම් වැගිරෙවුවෙහිය; එය ඔහුට වුණේය.
නුඹේ සියලු පිළිකුල්කම්වලදීද වේශ්‍යාකම්වලදීද නුඹ නිර්වස්ත්‍රව, නග්නව, නුඹේ ලේවල වැතිර උන්නාවූ නුඹේ බාල කාලය නුඹ සිහි නොකෙළෙහිය.
නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි ඔවුන්ට කීමි.
නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.
එහෙත් ඈ මිසර දේශයේදී වේශ්‍යාකම්කළාවූ ඇගේ යෞවන වයසේ දවස් සිහිකරමින් ඇගේ වේශ්‍යාකම් වැඩිකළාය.
මෙසේ නුඹේ යෞවන පියයුරු නිසා මිසරවරුන් නුඹේ තනපුඩු මිරිකන කල හටගත් නුඹේ යෞවන සල්ලාලකමට නුඹ හැරුණෙහිය.
නුඹ ඒවා බී උරා, ඒකේ කැබිලිති හපා, නුඹේ තන උදුරාදමන්නෙහිය. මක්නිසාද මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.
එවිට මම කාමමිථ්‍යාචාරකම්වලින් ක්ෂයවී සිටින ඈ වැනි තැනැත්තියක් සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනවා ඇද්දැයි ඈ ගැන කීවෙමි.
ඈ මිසරයේදී පටන්ගත් ඇගේ වේශ්‍යාකම් අත්හැරියේ නැත; මක්නිසාද ඇගේ යෞවන වයසේදී ඔව්හු ඈ සමඟ සයනයකළෝය, මොව්හුද ඇගේ කන්‍යා වයසේ තනපුඩු මිරිකා ඔවුන්ගේ වේශ්‍යාකම ඈ පිට වැගිරෙවුවෝය.
හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක.
එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත.
ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.
(මක්නිසාද මිසර දේශයෙහි අපි කෙසේ විසීමුද කියාත් නුඹලා පසුකර ආ ජාතීන් මැදින් අපි කෙසේ පසුකර ආවෙමුද කියාත් නුඹලා දන්නහුය;
එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
ඔවුන්ගේ මළකඳන් වනාහි සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණගසනලද මහත් නුවර වීථියේ තිබෙනවා ඇත.