Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 29:16 - Sinhala Revised Old Version

16 (මක්නිසාද මිසර දේශයෙහි අපි කෙසේ විසීමුද කියාත් නුඹලා පසුකර ආ ජාතීන් මැදින් අපි කෙසේ පසුකර ආවෙමුද කියාත් නුඹලා දන්නහුය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:16
8 හුවමාරු යොමු  

නුඹලා නැගිට ගමන් ගෙන අර්ණොන් ඔයෙන් එතරට යන්න. බලව, මම හෙෂ්බොන්හි රජවූ අමෝරියවූ සීහොන්ද ඔහුගේ දේශයද නුඹ අතට දුනිමි. ඒක හිමිකර ගන්ට පටන්ගෙන ඔහුට විරුද්ධව යුද්ධ කරන්න.


අම්මොන් පුත්‍රයන් ඉදිරියට ළංවූ කල ඔවුන්ට සතුරුකමක්වත් ඔවුන්ට විරුද්ධකමක්වත් නොකරන්න. අම්මොන් පුත්‍රයන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි. මක්නිසාද මා විසින් එය ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේ.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෝවබ්ට සතුරුකමක්වත් ඔහුට විරුද්ධව සටනක්වත් නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි; මක්නිසාද ආර් මා විසින් ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේයයි කීසේක.


නුඹ සෙනඟට අණකරමින්–සේයිර්හි වසන ඒසව්ගේ පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ගේ සීමාව මැදින් නුඹලා යන්නහුය; ඔව්හු නුඹලාට භයවන්නෝය. එබැවින් නුඹලා හොඳාකාර ප්‍රවේසම්වන්න.


මෙහි අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අප වෙත සිටින්නා සමඟත් අද මෙහි අප වෙත නැති තැනැත්තා සමඟත්ය.


ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද නුඹලා දුටුවහුය.)


නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි ඔවුන්ට කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්