ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.
එසකියෙල් 23:16 - Sinhala Revised Old Version ඇගේ ඇස්වලින් ඈ දුටු විටම ඔවුන් කෙරෙහි ආලයවී කල්දියාවේ සිටිය ඔවුන් ළඟට පණිවිඩකාරයන් යැවුවාය. Sinhala New Revised Version ඈ ඔවුන් දුටු වහා ම කාමරාගයෙන් පිරී, ඔවුන් වෙත බබිලෝනියට පණිවුඩකාරයන් යැව්වා ය. Sinhala New Revised Version 2018 ඈ ඔවුන් දුටු වහා ම කාමරාගයෙන් පිරී, ඔවුන් වෙත බබිලෝනියට පණිවුඩකාරයන් යැව්වා ය. |
ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.
මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමඟ සයනයකරන්නැයි කීවාය.
දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.
දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
ඔහුගේ දවස්වලදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් පැමිණියේය, යෙහෝයාකිම්ද තුන් අවුරුද්දක් ඔහුට සේවයකොට පසුව ඔහුට විරුද්ධව කැරළිගැසුවේය.
නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුණෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.
මා නුඹට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය;
නුඹ කානාන් දේශයේදී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය; එහෙත් එයිනුත් සෑහීමට නොපැමිණියෙහිය.
ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, පාට ඇති දිග රෙදි ඔවුන්ගේ හිස්වල දමා තිබුණේය. ඔවුන් සියල්ලෝම තමුන් උපන් දේශයවූ කල්දියාවේ බබිලෝනිවරුන්ගේ ස්වරූපයේ හැටියට පෙනීමෙන් වංශාධිපතියෝව සිටියෝය.
කොටළුවන්ගේ මාංස මෙන් මාංසද අසුන්ගේ වැගිරීම මෙන් වැගිරීමක්ද ඇති ඔවුන්ගේ ප්‍රේමවන්තයන් කෙරෙහි ඈ ආලයවූවාය.
නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.
ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය;