Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:17 - Sinhala Revised Old Version

17 බබිලෝනිවරුද ඈ වෙතට ආදර යහනට එළඹ, තමුන්ගේ වේශ්‍යාකමෙන් ඈ අපවිත්‍රකළෝය, ඈ ඔවුන් කරණකොටගෙන අපවිත්‍රවී, පසුව ඇගේ සිත ඔවුන් කෙරෙන් පහව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 බබිලෝනිවරු ද ඇගේ යහනේ ඈ සමඟ කම්සැපතෙහි යෙදී කාමරාගයෙන් ඈ දූෂණය කළහ. ඈ ඔවුන් කරණකොටගෙන දූෂණය වූ පසු ඈ ඔවුන් පිළිකුල් කරමින් ඔවුන්ගෙන් ඈත් වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 බබිලෝනිවරු ද ඇගේ යහනේ ඈ සමඟ කම්සැපතෙහි යෙදී කාමරාගයෙන් ඈ දූෂණය කළහ. ඈ ඔවුන් කරණකොටගෙන දූෂණය වූ පසු ඈ ඔවුන් පිළිකුල් කරමින් ඔවුන්ගෙන් ඈත් වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:17
8 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ වෛරවෙන්නාවූ, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ අයගේ අතට නුඹ පාවාදෙමි.


එබැවින්, එම්බා ඔහොලීබා, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධව පොළඹවා, වටකරින් ඔවුන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.


නුඹ කෙරෙහි ආලයවුණ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ද නුඹ ප්‍රේමවුණ සියල්ලන්ද නුඹ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් නුඹට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් නුඹේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස නුඹේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි.


එවිට අම්නොන් ඉතා මහත් වෛරයකින් ඈට වෛරවුණේය; මක්නිසාද ඔහු ඈට වුණාවූ වෛරය පළමු ඈට බැන්දාවූ ආලයට වඩා මහත්ව තිබුණේය. නැගිට යන්නැයි අම්නොන් ඈට කීය.


ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.


ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.


තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.


බබිලෝනියේ රජද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත්කොට ඔහුගේ නම ශෙදෙකියාය කියා වෙනස්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්