Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:20 - Sinhala Revised Old Version

20 කොටළුවන්ගේ මාංස මෙන් මාංසද අසුන්ගේ වැගිරීම මෙන් වැගිරීමක්ද ඇති ඔවුන්ගේ ප්‍රේමවන්තයන් කෙරෙහි ඈ ආලයවූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඈ පෙම්වතුන් සමඟ ආලයෙන් බැඳී ඇගේ කාමරාගය කොටළුවන්ගේ ලිංගේන්ද්‍රිය මෙන් ද අසුන්ගේ ධාතු වැගිරීම මෙන් ද වැගිරීමෙන් වේගවත් කරගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඈ පෙම්වතුන් සමඟ ආලයෙන් බැඳී ඇගේ කාමරාගය කොටළුවන්ගේ ලිංගේන්ද්‍රිය මෙන් ද අසුන්ගේ ධාතු වැගිරීම මෙන් ද වැගිරීමෙන් වේගවත් කරගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:20
7 හුවමාරු යොමු  

නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්ට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?


තවද ශරීරයෙන් තරව සිටින නුඹේ අසල්වාසීන් වන මිසරයන් සමඟ නුඹ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.


තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.


ඔව්හු හොඳට පෝෂ්‍යවී ඉන්න අශ්වයන් මෙන් අලුයම නැගිට, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ භාර්යාවට හේෂාරවය කළෝය.


ඇගේ ඇස්වලින් ඈ දුටු විටම ඔවුන් කෙරෙහි ආලයවී කල්දියාවේ සිටිය ඔවුන් ළඟට පණිවිඩකාරයන් යැවුවාය.


එහෙත් ඈ මිසර දේශයේදී වේශ්‍යාකම්කළාවූ ඇගේ යෞවන වයසේ දවස් සිහිකරමින් ඇගේ වේශ්‍යාකම් වැඩිකළාය.


ප්‍රමේහය සම්බන්ධව ඔහුගේ අපවිත්‍රකම මේය: ඔහුගේ ප්‍රමේහය ඔහුගේ මාංසයෙන් නික්මෙන නුමුත් මාංසය තුළ නවතින නුමුත් ඒක ඔහුගේ අපවිත්‍රකමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්