ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 17:19 - Sinhala Revised Old Version

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 17:19
14 හුවමාරු යොමු  

ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත.


ඔවුන්ගේ ලේ යෝවාබ්ගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවිත්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය.


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.


ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.


මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ බාල කාලය නුඹ සිහිනැතිකොට, ඒ සියල්ලෙන් මා උදහස්කළ බැවින්, බලව, මමත් නුඹේ මාර්ගය නුඹේ හිස පිටට පමුණුවන්නෙමි. නුඹද නුඹේ සියලු පිළිකුල්කම්වලට වඩා නරකවූ මේ දූෂ්‍යකම නොකරන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ නුඹ කළ හැටියටම මම නුඹට කරන්නෙමි.


මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය.


මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.