Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 2:33 - Sinhala Revised Old Version

33 ඔවුන්ගේ ලේ යෝවාබ්ගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවිත්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:33
24 හුවමාරු යොමු  

මුළු සෙනඟ උත්තර දෙමින්: ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි කීවෝය.


ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත.


ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.


දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.


ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.


අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන්ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.


ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි.


එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.


එහෙත් ඔවුන් විරුද්ධව සිට අපහාසකළ කල්හි, ඔහු තමාගේ වස්ත්‍ර ගසාදමා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා; මම නිදොස්වෙමි. මෙතැන් පටන් අන්‍යජාතීන් ළඟට යමියි කීවේය.


තෙකෝවාහි ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි ඒ දෝෂය මා පිටත් මාගේ පිය වංශය පිටත් වේවා. රජද රජුගේ සිංහාසනයද නිර්දෝෂවේවයි රජුට කීවාය.


රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.


එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.


මෙසේ වුණේ යෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබිමෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ෂෙකෙම් වැසියන් පිටටත් පැමිණෙන පිණිසය.


තවද රජ ෂිමෙයිට කථාකොට: නුඹ මාගේ පියවූ දාවිත්ට කළාවූ නුඹේ සිතට දැනෙන මුළු දුෂ්ටකම නුඹ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹේ හිස පිටට නුඹේ දුෂ්ටකම හරවනසේක.


ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.


එසේ ඔබගේ මෙහෙකරුවාගේ වංශයට ආශීර්වාදකරන්ට ඔබ ප්‍රසන්නවූයේ එය සදාකාලේටම ඔබ ඉදිරියෙහි පවතින පිණිසය. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආශීර්වාදකළ බැවින් එය සදාකල්ම ආශීර්වාද ලබන්නේයයි කීයේය.


ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්