මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.
එසකියෙල් 13:2 - Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නාවූ ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවරුන්ට විරුද්ධව නුඹ අනාගතවාක්‍ය කියමින්, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නන්ට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. |
මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.
සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: නුඹලා මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි කියන ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.
ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා.
බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.
මෙසේ වුණේ ධර්මිෂ්ඨයන්ගේ ලේ ඈ තුළ වැගිරෙවුවාවූ ප්‍රොපේතවරුන්ගේ පව් නිසාත් පූජකයන්ගේ අපරාධ නිසාත්ය.
තවද මනුෂ්‍ය පුත්‍රය, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නාවූ නුඹේ සෙනඟගේ දූවරුන්ට විරුද්ධව නුඹේ මුහුණ තබා, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!
ඇගේ ප්‍රොපේතවරුන්ගේ ද්‍රෝහිකමක් ඈ තුළ ඇත්තේය. ඔව්හු ගොදුර ඉරන්නාවූ ගොරවන සිංහයෙකු මෙන් ප්‍රාණ කාදැමුවෝය. ඔව්හු වස්තු සහ අනර්ඝ දේ ගනිති; ඔව්හු එහි තුළ වැන්දඹුවන් වැඩිකළෝය.
ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.
එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.
නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑවෙනවා ඇත; පේනකීමක් නැතුව නුඹලාට අන්ධකාරවෙනවා ඇත; අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත, දවාලද ඔවුන්ට උඩින් කළුවරවෙනවා ඇත.
ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.