Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 27:14 - Sinhala Revised Old Version

14 නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි කියන ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 27:14
20 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාගතවාක්‍ය කියති. මා විසින් ඔවුන් එවුවේවත් ඔවුන්ට අණකළේවත් ඔවුන්ට කථාකළේවත් නැත. ඔවුන් නුඹලාට බොරු දර්ශනයක්ද පේනකීමද හිස්කමද තමුන්ගේ සිත්වල වංචාවද අනාබසින් කියති.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.


බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඡේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න.


බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.


සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.


එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා ප්‍රොපේතවූ හනනියාට කථාකොට: හනනියා, අසන්න; ස්වාමීන්වහන්සේ නුඹ නොඑවූසේක; නුඹ මිථ්‍යාවක් කෙරෙහි විශ්වාසය තබන්ට මේ සෙනඟට සලස්වන්නෙහිය.


ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමියි කියා මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියන ප්‍රොපේතවරුන් කියන දේ ඇසීමි.


බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?


බලව, යූදාහි රජුගේ ගෙදර ඉතුරුව සිටින සියලු ස්ත්‍රීන් බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට ගෙනයනු ලබනවා ඇත, ඔවුන් කථාකොට–නුඹේ හිතමිත්‍රයෝ නුඹ පොළඹා නුඹෙන් ජයගත්තෝය. නුඹේ පාද මඩේ එරුණු විට ඔව්හු අහක්ව ගියෝයයි කියනවා ඇත.


නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්