Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:19 - Sinhala Revised Old Version

19 මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:19
30 හුවමාරු යොමු  

නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය.


තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ, ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් අතරෙහි ආයේය.


මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.


ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?


දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.


මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නාවූ ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවරුන්ට විරුද්ධව නුඹ අනාගතවාක්‍ය කියමින්, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නන්ට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න;


නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,


එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.


තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය.


මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.


එවිට රටමරඳ ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තරදෙමින්: මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්ට ස්වාමීන්වහන්සේ විසින් ඇරිය තැනැත්තෝයයි කීවේය.


එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය.


එම්බා යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මිසරයට පැමිණීමට නුඹලාගේ මුහුණු හරවාගන, එහි පොරොත්තුව සිටීමට යන්ටම අදහස්කරන්නහු නම්, නුඹලා භයවෙන කඩුව මිසර දේශයේදී නුඹලා පිටට පැමිණෙන්නේය,


එබැවින් මා විසින් යෙරුසලමෙන් බබිලෝනියට ඇරියාවූ දාසව සිටින සියල්ලෙනි, නුඹලා ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


එම්බා යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ හැම පවුල්වල සෙනඟෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.


ස්වාමීන්වහන්සේ කථාකොට–ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය.


එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්,


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය.


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,


නුඹ වෙත අන් දෙවියෙක් නොවේවා; විදේශි දෙවියෙකුටද නමස්කාර නොකරව.


එබැවින් වේශ්‍යාවිය, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්