Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 3:11 - Sinhala Revised Old Version

11 එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 3:11
39 හුවමාරු යොමු  

මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති.


නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.


මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න.


නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,


ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.


නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.


මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති.


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.


නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.


මෝසෙස් ඉතා උදහස්ව ස්වාමීන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය.


ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.


ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ,


ඒ විපත්තිය ළංවී අප පිටට නොපැමිණෙන්නේයයි කියන්නාවූ, මාගේ සෙනඟගෙන් පව්කාරයෝව සිටින්නාවූ සියල්ලෝ කඩුවෙන් මැරෙන්නෝය.


ඔව්හු බීලා තීන්දුවුණාම වේශ්‍යාකම්කරති; ඇගේ ප්‍රධානියෝ නින්දිතකමට ඇලුම්වන්නෝමය.


එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.


මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.


එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය.


ලේ වගුරුවන පිණිස ඔව්හු නුඹ තුළ අල්ලස් ගත්තෝය; නුඹ පොළී සහ ලාභ ගෙන, නුඹේ අසල්වාසීන්ගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන, මා සිහිනැතිකෙළෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.


අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!


නුඹලාට සමාදානය වන්නේය කියා ස්වාමීන්වහන්සේ කියා තිබේයයි මා සුළුකරන්නන්ට ඔව්හු කිය කියා සිටිති; විපතක් නුඹලා පිටට නොපැමිණෙන්නේයයි තමුන්ගේ සිත්වල මුරණ්ඩුකමේ හැසිරෙන සියල්ලන්ටද ඔව්හු කියති.


පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද යෙරෙමියා මේ වචන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කියනවා ඇසුවෝය.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ එඬේරුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට, එනම් එඬේරුන්ට කියන්න. තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්‍ය කළ යුතු නොවේද?


ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.


නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක.


එබැවින් නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා නොකොට, ව්‍යවස්ථාව ගැන තරාතිරම් බලන ප්‍රකාරයටම, මමත් නුඹලා මුළු සෙනඟ ඉදිරියෙහි නීචවූ පහත්වූ අය කෙළෙමි.


මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.


ඔව්හු ස්වාමීන්වහන්සේ ගැන බොරු කියා: ඒ උන්වහන්සේ නොවේ; විපත්තිය අප පිටට නොපැමිණෙයි; කඩුවවත් සාගතයවත් දකින්ට අපට සිද්ධවෙන්නේ නැත.


ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්